2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කර ඇති බව වාර්තා වේ……….……

WhatsApp Image 2025 04 15 at 14.05.53

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ප්‍රකාශ කර ඇත.

2024 වසරේ මුල් මාස 03 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මහ බැංකුව විසින් මෙය 9.4% ක වර්ධනයක් බව පෙන්වා දී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2025 මුල් මාස 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 722,276 ක් බව වැඩිදුර සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *