දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇත.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමටද විශේෂ දුම්රිය දෙකක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
එසේම බදුල්ලේ සිටද විශේෂ දුම්රිය වාර දෙකක් ක්රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බව ඔවුන් වැඩිදුර සඳහන් කර ඇත.


