මහජනතාවට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දෙයි………..……

WhatsApp Image 2025 04 16 at 16.36.11

එළඹෙන අප්‍රේල් 18 වැනිදා ආරම්භ වීමට නියමි​ත සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03 ක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ඩී. එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වාත්, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය හඳුන්වාදී ඇත.

එසේම රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය දක්වාත් මෙම පිවිසුම් මාර්ග හඳුන්වා දී ඇත.

එමෙන්ම සිරි දළදා ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වීමට නියමිත බව සදහන් වේ.WhatsApp Image 2025 04 16 at 11.02.19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *