රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 49 හා 39 වයස් වල පසුවන පුද්ගලයින් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම ඔවුන් සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා පොලිසිය, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පසුගියදා උදෑසන කාලයේ කිරුළපන පොලිස් වසමේ තුන්මෝදර හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇත.
එමෙන්ම එම ත්‍රිරෝද රථයේ සිටි සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන කිරුළපන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබි රුපියල් 5,745,000/- ක මුදලක් සොයාගෙන ඇත.
ඒ අතර, අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ප්‍රදේශයේ ගෑස් වෙළෙඳ සැලක් පවත්වාගෙන යන බවත්, මොහු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයෙකු බවත් සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සදහන් කර ඇත.


