පසුගිය කාල සීමාවට සාපේක්ෂව රන් මිල තරමක් පහළ අගයක පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වේ ………….……

පසුගිය සති තුන තුළ දේශීය රන් මිල රුපියල් 20,000 කට වඩා පහත වැටී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රන් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස විශ්ලේෂකයින් පෙන්වාදී ඇත්තේ අප්‍රේල් 2 වන දින එක්සත් ජනපදය සිය සියලුම වෙළඳ හවුල්කරුවන්ට පැනවූ අන්‍යෝන්‍ය තීරුබදුයි.

අප්‍රේල් 22 වන දින, දේශීය රන් මිල පැය 24 ක් ඇතුළත රුපියල් 17,000 කින් පමණ ඉහළ ගොස් ඓතිහාසික ඉහළම අගයන් කරා ළඟා වූ අතර, කැරට් 24 8 ග්‍රෑම් (පවුම් 1) රු 275,000-277,000 දක්වා සහ කැරට් 22 8 ග්‍රෑම් (පවුම් 1) රු 252,000-254,000 යන මිල ගණන් ලෙස සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *