අධිවේගි මාර්ග සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම අද ………….……

අධිවේගි මාර්ග සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම අද (21) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දක්ෂණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී අද සිට කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවද සඳහන් වේ.

අන්තර් හුවමාරු 35ක් හා පිටවීමේ ගේට්ටු 119කදී මේ සඳහා අවශ්‍ය සේවා පහසුකම් ලබාදීමට නිලධාරී මඩුල්ල ද පුහුණු කර අවසන් බවයි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *