අපේක්ෂකයින්ගේ වියදම් ඉදිරිපත් කිරීමට ඇති කාලය අවසන් ………….……

පළාත් පාලන ආයතන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ඇති කාලය අද (27) මධ්‍යම රාත්‍රීයේ අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.

වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

පළාත් පාලන ආයතන නියෝජිතයින් නම් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ගැසට් ප්‍රකාශන ක්‍රියාවලියට බාධා සිදුව ඇත.

බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින්ගේ නම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර නොමැති බව වාර්තා වෙයි.

සියලු පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ තොරතුරු ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් සභා වාර ආරම්භය අපහසුතාවයට පත්ව ඇති බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *