පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇති අතර තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බව වැඩිදුරටත් පවසා ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.
මේ අතර මේ වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා වූ කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 2231ක් වාර්තා වී ඇති බව ළමා රක්ෂණ අධිකාරිය වාර්තා කර ඇත.


