හල්ලොලුවගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් 3 අත්අඩංගුවට ………….……

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම සැකකරුවන් වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බවට වාර්තා වන අතරින් එම සැකකරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *