ට්‍රම්ප්ගේ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට අවසර. ………….……

WhatsApp Image 2025 05 30 at 17.53.40

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමිවී ඇති බව වාර්තා වේ.

මෙම බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත් කර සුළු වේලාවකින් එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර, ඒ අනුව ඉහත නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *