මුලතිව් කොට්ටුකිනරු කෝවිලෙහි පිහිටි පොකුණකට බැස ඡායාරූප ගනිමින් සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු එම පොකුණේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ මාමුනෙයි ප්‍රදේශයේ ජීවත් වූ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කර ඇත.
දැරියන් දෙදෙනා එම පොකුණට බැස ඡායාරූප ගනිමින් සිටියදී එකවරම ගිලීගොස් ඇති අතර, දෙදෙනාම මුලතිව් රෝහලට ඇතුළත් කළ නමුත්, ඔවුන් මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.


