දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඒ අනුව පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමා තවදුරටත් සඳහන් කර ඇත.
ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.


