තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවද සඳහන් වේ.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.


