මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් නාකොටික් ප්‍රධානියා ස්ථාන මාරුවීම්

ggh 1
පොලිසිය, සිය ආයතනය, අභ්යන්තර පිරිසිදු කිරීමේ ක්රියාවලියකට යොමු කර ඇති බව වාර්තා වේ.
මෙහි ප්රධානත්වය ගෙන තිබෙන්නේ පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා විසිනි.
පොලිසිය පිරිසිදු කිරීමේ ක්රියාවලිය තුළ, මේ වන විට දූෂිත පොලිස් නිළධාරීන් හාර සියයකටත් වඩා වැඩි පිරිසක් පොලිස් සේවයෙන් නෙරපා ඇති බව පැවසේ.
මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පැවැත්වීම සහ බලය අවභාවිතා කිරීම නෙරපන ලද නිළධාරීන්ට එල්ල වී තිබෙන ප්රධානතම චෝදනාවයි.
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ හිටපු ප්රධානියා වන ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්රශාන්ත එම ධූරයෙන් ඉවත් කර තිබෙන අතර, ඔහුට එරෙහිව විමර්ශන අරඹා තිබේ.
ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්රශාන්තට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ ඔහු මත්ද්රව්ය ජාවාරම් කරුවන් සමඟ සබදතා පැවැත්වීමයි.
ඊට අමතරව, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙකු ඉන් ඉවත් කර ඔවුන්ට එරෙහිව ද මේ වන විට විමර්ශන සිදු කරමින් පවතී.
මේ නොවැම්බර් මාසයේ දී පොලිස් ස්ථානාධිපතිවරු 25 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබෙන්නේ ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන විවිධ චෝදනා සැලකිල්ලට ගනිමිනි.
ස්ථානමාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු අතර නොරොච්චෝල පොලිසියේ ස්ථානාධිපතිවරයාද සිටියි.
මත්ද්රව්ය ජාවාරම් කරුවන් සමඟ ඔහුට තිබෙන සම්බන්ධය, ඔහුගේම හඩපටයකින් හෙළිදරව් වී තිබෙන බව පැවසේ.
මීට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන පොලිස් පරිපාලන සේවයේ ප්රධානියා ලෙස කටයුතු කළ ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක එම ධූරයෙන් ඉවත් කර ඒ සදහා ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *