ස්විට්සර්ලන්තයෙන් ආධාර රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණෙයි

ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ ජල පිරිසිදුකරන යන්ත්‍ර සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රාශියක් අඩංගු ඇසුරුම් 17 තිබුුුණු බවයි සඳහන් වන්නේ.

මෙම ආධාර භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති Olivier Praz සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *