ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

template 25

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ විනාශය සම්බන්දව එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066ක් අර්ධ හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත.

සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,800කි.

දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 573කි.

තෙවැනියට වැඩිම නිවාස හානි ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ විනාශ වූ නිවාස ගණන 480ක් බවත් එහි සඳහන් වේ.

මේ අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස වැඩිම ප්‍රමාණයක්ද වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 13,044කි.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,575ක් ද  රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291ක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,200ක්ද අර්ධ වශයෙන් හානි වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *