ආපදාවට ලක් වූ පුද්ගලයින්ට හා ව්‍යාපාරවලට සහන ලබාදෙන ලෙස මහ බැංකුවෙන් බැංකුවලට චක්‍රලේඛයක්

template 26

පසුගියදා ඇති වූ සුළි සුළං සහ ගංවතුර ව්‍යසනවලින් පීඩාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට තාවකාලික ණය සහන සහ නව ණය සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සියලුම බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බලපෑමට ලක් වූ ණය ගැතියන්ට 2026 ජනවාරි 15 ​​වන දින දක්වා සහන ඉල්ලා සිටිය හැකි අතර, බැංකුවලට මාස හයක් දක්වා ආපසු ගෙවීම් අත්හිටුවීමේ හැකියාව පවතින බවයි සඳහන් වෙන්නේ.

වසර දෙකක් දක්වා පහසුකම් සඳහා නව ණය අනුපාත 9% කින් සීමා කළ යුතු අතර, සියලුම ප්‍රමාද ගාස්තු, චෙක්පත් අගරු වීමේ ගාස්තු සහ දඩ පොලී 2026 ජනවාරි 31 වන දින දක්වා අත්හිටුවිය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *