විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

template 37

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම, ඒවා කපා ඉවත් කිරීම, ළඟ තබා ගැනීම හෝ පද්ධතිවලට හානි සිදු කිරීම නොකරන ලෙසත්, එවැනි ක්‍රියා සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙනවා.

මෙවැනි ක්‍රියා සිදු කිරීම සම්බන්ධව තොරතුරු වාර්තා වන්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *