අනාගතයේදී රජයේ සේවාවන් ලබාගැනීමට පෝලිම්වල රඳා නොසිට, ඇඟිලි තුඩෙන් සියල්ල කරගත හැකි ඩිජිටල් යුගයක පෙරනිමිති දැන් පහළ වී බේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය නවීකරණය කරමින්,
රටේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක දැවැන්ත මූල්‍ය අනුමැතියක් ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.
මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ දැනට පවතින රාජ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම කර,
ඒවා සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප කිරීමයි. විශේෂයෙන්ම නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය හරහා මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙහිදී ප්‍රමුඛතාවක් හිමිවේ.
පොදු ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ලැබෙන වාසිය:
ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි, මෙම වැඩපිළිවෙළ හුදෙක් තාක්ෂණික වෙනසක් පමණක් නොව, එය ජනතාවගේ සහ ව්‍යාපාරවල එදිනෙදා අවශ්‍යතාවලට සෘජුවම විසඳුම් ලබාදෙන “පිටුවහලක්” වනු ඇත.
,ලිපිගොනු පසුපස යාම වෙනුවට ඩිජිටල් තාක්ෂණයෙන් සේවා ලබාගැනීම.
,ඩිජිටල් අංශය දියුණු වීමත් සමඟ නව ව්‍යාපාරික අවස්ථා උදාවීම. නිවසේ සිටම රජයේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇති හැකියාව පුළුල් වීම.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා යන මේ ගමනේදී ලෝක බැංකුව ලබාදෙන මෙම සහයෝගය, මෙරට ආර්ථිකයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව අදාල නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා


