පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ජනතාවට රජයෙන් ලබාදෙන රුපියල් 25,000ක සහන දීමනාව ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී රෝහිත සෙනෙවිරත්න මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
දීමනාව සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් අයදුම්පත් 155ක් මේ වන විට සුදුසුකම් නොලබා නැවත පැමිණ ඇත. මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වා ඇත්තේ අයදුම්කරුගේ නමට බැංකු ගිණුමක් නොමැති වීමයි.
කෙසේ වෙතත්, නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත:
එම අයදුම්පත්වලින් 100ක් මේ වන විටත් නැවත සකස් කර යොමු කර ඇත.
ඉතිරිව පවතින අයදුම්පත් 50ක පමණ ප්‍රමාණය අද දිනය තුළ සම්පූර්ණ කර රජයට භාර දීමට කටයුතු යොදා ඇත.
සමහර පුද්ගලයින් මේ සම්බන්ධයෙන් කිසිදු නිවැරදි තොරතුරක් නොදැන සමාජ මාධ්‍ය හරහා අසත්‍ය මඩ ප්‍රචාර පතුරුවමින් සිටින බවත්, ඒවාට නොරුවටෙන ලෙසත් ග්‍රාම නිලධාරීතුමා අවධාරණය කරයි.
තමන්ගේම නමින් බැංකු ගිණුමක් නොමැති පුද්ගලයින් සඳහා, එම නිවසේම පවුලේ වෙනත් සාමාජිකයෙකුගේ ගිණුමකට අදාළ මුදල් බැර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇත.
මෙම සහනාධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමෘද්ධි නිලධාරී සරසන්ති පෙරේරා මහත්මිය සහ සංවර්ධන නිලධාරී සුසන්ත කුමාර මහතා ඇතුළු කණ්ඩායම අඛණ්ඩව හා ඉතාමත් කාර්යක්ෂමව සේවය කරනු ලබයි.
දැනට ක්‍රියාත්මක සහනාධාර:
නිවාස පිරිසිදු කිරීම සඳහා රු. 25,000 ක දීමනාව.
අදාළ හානි තක්සේරු අනුව රු. 50,000 ක දීමනාව.
පාසල් උපකරණ ලබා ගැනීම සඳහා වන ආධාර ලබාදීම ද මේ වන විට සිදු කෙරේ.
සියලුම සහනාධාර කඩිනමින් සහ විනිවිදභාවයකින් යුතුව නීත්‍යානුකූලව ලබාදීමට අප කටයුතු කරන බැවින්, කිසිදු හේතුවකට කලබල නොවන ලෙසත් නිලධාරීන්ට සහාය වන ලෙසත් ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


