ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියෙකුට මාලිමා මන්ත්‍රීවරයෙකුගෙන් පහරදීමක්?

malima mantree attrack

ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියෙකුට මාලිමා මන්ත්‍රීවරයෙකුගෙන් පහරදීමක්?
රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් සූරියකන්ද පොලිසියේ නිලධාරියෙකු රෝහල් ගත කර තිබේ.
පහරකෑමට ලක්වූ නිලධාරියා මීට පෙර සූරියකන්ද පොලීසිය මගින් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියගේ ඉඩමක සිදුකළ ගංජා වැටලීමකට සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙම පහරදීම සිදුව ඇත්තේ කොළොන්න පොලිස් වසම තුළදීය.
තුවාල ලැබූ නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් ලැබෙන පිළිතුර: මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සඳහන් කරන්නේ:
තමන් මළගෙදරකට යන අතරමගදී අදාළ පොලිස් නිලධාරියා තමන් සමඟ ආරවුලක් ඇති කරගත් බවයි.
එම අවස්ථාවේදී කිසිදු පහරදීමක් සිදු නොවූ බවත්, අදාළ නිලධාරියා එම අවස්ථාවේදී බීමතින් සිටි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *