මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇතිකිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැකපල කරනවා.
අද (27) උදෑසන නවතම නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි.
ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ඊයේ (26) ලැබී තිබුණා.
ඒ අනුව පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කලා.
නමුත් අදාළ සෝදිසි මෙහෙයුමේදී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුවී තිබුණේ නැහැ


