විපක්ෂ නායකවරයාගේ නමින් ව්‍යාජ නිවේදන නිකුත් කිරීමේ සිද්ධියක් CIDයට , විපක්ෂ නායකවරයාගේ නිල ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ විපක්ෂ නායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශීර්ෂයක් සහ විපක්ෂ නායකවරයාගේ අත්සන යැයි හැඟවෙන අයුරින් සකස් කළ ව්‍යාජ නිවේදන දෙකක් විවිධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වී තිබෙන බවයි එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයෙන් හෝ සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි නිල කාර්යාලයෙන් මෙවැනි නිවේදන නිකුත් කර නොමැති බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
එම කාර්යාලවල සේවය කරන කිසිදු නිලධාරියෙකු විසින් ද මෙම ප්‍රකාශන නිකුත් කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.


