අලුත් අවුරුද්දේ අලුත් වුන ලංගම

langama

අලුත් අවුරුද්දේ අලුත් වුන ලංගම

රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා නව වැඩසටහනක් අද (01) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබුවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර විනිවිදභාවය තවදුරටත් තහවුරු කිරීමත් මෙහි අරමුණ වී තිබෙනවා.

මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ ව්‍යාපෘති වැඩසටහන අද මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු වන්නේ නැහැ.

නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබෙනවා.

එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවද සඳහන් වනවා.

මෙම නියමු ව්‍යාපෘතිය මාකුඹුර-ගාල්ල හා මාකුඹුර-ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක අද සිට ක්‍රියාත්මක වනවා.

මෙම අවස්ථාවට ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා,මහජන බැංකුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *