මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවලා

metta youtbe

මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවලා
ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා ඇති උස පැනීමේ මේටට තොගයේ ප්‍රමිතිය සහ ඒවා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවා ලබාගෙන ඇතැයි විිවේචනයක් ඉදිරිපත් කරමින් අදාළ ගනුදෙනුව පිළිබඳ අවධානය යොමුකළ ක්‍රිඩා පුහුණුකරුවකු වන ප්‍රියන්ත තන්ත්‍රිගේ මහතා ඊයේ (02) දිනයේ කුරුදුවත්ත පොලිසියට කැඳවා තිබුණා.

ඒ එම සිදුවිම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අදාළවයි.

ක්‍රීඩාංගණයට මාධ්‍ය රැගෙන යාම හා ක්‍රිඩා අමාත්‍යවරයාට බැන වැදිම ප්‍රියන්ත තන්ත්‍රිගේ මහතාට එල්ල වි තිබෙන චෝදනව වන අතර ක්‍රිඩා අමාත්‍යංශයේ නිලධාරියෙකු විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

මේ අතර ඔහු විසින් මෙට්ට සම්බන්ධයෙන් අනාවරණය කල මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරන මොහොතේ ඒ අසල සිටි නමුත් මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට කටයුතු නොකළ පුහුණුකරුවකුද අදාළ චෝදනාව යටතේම කටඋත්තර ගැනීම සඳහා කුරුඳුවත්ත පොලිසියට කැඳවා තිබුණා.

ඉන් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රියන්ත තන්ත්‍රිගේ මහතා පවසා සිටියේ ටොරින්ටන් ක්‍රිඩාපිටිය වෙත ගෙන ආ මෙට්ට තොගයේ ප්‍රමිතියක් නොමැති බව තමා පැවසුවේ කිසිවකු අපහසුතාවයකට පත් කිරිමේ අරමුණකින් නොවන බවයි.

දරුවන් වෙනුවෙන් ලබා දිම සඳහා ගෙනවිත් තිබෙන මෙට්ටයේ නියමිත ඝණත්වයකින් තොර මෙට්ට තොගයක් බව ඔහු විසින් සඳහන් කරනවා.

ඔහු මෙහිදි චෝදනා කරමින් පැවසුවේ මෙට්ට රැගෙන ඒමට පෙර දුන් සාම්පල් මෙට්ටය මෙන් රැගෙන ආ මෙට්ට තොගය ප්‍රමිතියෙන් තොර ඒවා බවයි.

මෙලෙස රැගෙන ආ මෙට්ට, ලංකාවේ සාමාන්‍ය පුද්ගලයින්ට නිදා ගැනිම සඳහා ලංකාවේ සමාගම් විසින් නිශ්පාදනය කරන මෙට්ට මෙන් ස්පොන්ච් අන්තර් ගත කර තිබු බව ඔහු සඳහන් කළා.

ටොරින්ටන් ක්‍රිඩාංගණයට දුන් මෙට්ටය ලක්ෂ 4ක් වැනි මුදලකට දි තිබෙන බව පැවසු ප්‍රියන්ත මහතා එම මෙට්ටයම තවත් ස්ථානයක් සඳහා ලක්ෂ 3ක් වැනි මුදලකට දි තිබෙන බව පවසා සිටියා.

තමා කිසි විටකත් ආණ්ඩුව විවේචනය නොකල බවත් සිදු වි තිබෙන වැරැද්ද පෙන්වා දිම පමණක් සිදු කල බව පවසා සිටි ප්‍රියන්ත මහතා එම වැරුද්ද පෙන්වා දිම නිසාවෙන් තමා පොලිසියට කැඳවා තිබෙන බව පැවසුවා.

ක්‍රිඩා ඇමතිවරයා විසින් දරුවන් ලී කුඩු මතට පනිමින් පුහුණු වන විට අනතුරු විය හැකි නිසා මෙට්ටය මතට පැන ක්‍රිඩා කිරිම හොද බව පැවසුවද ප්‍රමිතියෙන් තොර මෙට්ටයක් මතට පැන ක්‍රිඩා කිරිමෙන් ඊට වඩා අනතුරක් දරුවන් වෙත සිදු විය හැකි බව ප්‍රියන්ත මහතා පෙන්වා දුන්නා.

ඔහු එහිදි අවධාරණය කළේ ලි කුඩු මතට පනිමින් ක්‍රිඩා කරනා විට දරුවන් ඉන් විය හැකි අනතුරු වළක්වා ගනිමින් පුහුණුවිම් කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *