ජනවාරි මාසයට ජනක වක්කුඹුරගෙන් ආණ්ඩුවට අභියෝගයක්

janaka

ජනවාරි මාසයට ජනක වක්කුඹුරගෙන් ආණ්ඩුවට අභියෝගයක්
වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා අස් වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් රට භාරගැනීමට ඕනෑම වේලාවක සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු අමාත්‍ය ජනක වක්කුඹුර මාහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

වත්මන් ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සිටි අය බව ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ,

“අපි නාමල් රාජපක්ෂ මැතිතුමා අවුරුද්ද ලබනකොටම කතරගම ගිහිල්ලා ඒ වැඩ කටයුතු ආරම්භ කර අපි හතරවෙනිදා පිරිතකුත් කියලා
අපේ පක්ෂ මූලස්ථානයේ අපි මේ වැඩ කටයුතු ආරම්භ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රට හරි මාර්ගයට ගන්න අවශ්‍ය කරන කටයුතු කරන්න පක්ෂය ශක්තිමත්
කරගෙන ඉස්සරහට මේ කටයුතු කරන්න. මොකද පක්ෂය ශක්තිමත් කරන්න ඕනේ. අපි බිම් මට්ටමෙන් පටන් ගන්නවා. ගමට ගිහිල්ලා ගමේ ජනතාවත් එක්ක එකතු වෙලා
නැවත වරක් මට 69 ලක්ෂයක් ඡන්ද දීපු ජනතාවක් ඉන්නවා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු වැඩි පිරිසක් ඉන්නේ අපිත් එක්ක හිටපු අය. අද ඒගොල්ලෝ කරලා ඉන්නවා.
මොකද අපි එදා ගමේ පාර හදනකොට ගමේ වැඩ කරනකොට අපට බැන්නා. අද කිසි වැඩක් කරන්නේ නැහැ. ඒ නිසා අපි ගමට ගිහිල්ලා ගමේ ජනතාවත් එකතු කරගෙන
ඉදිරියේදී තියෙන ඕන මැතිවරණ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි කටයුතු කරනවා.

අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව බලහත්කාරයෙන් පෙරලන්න නෙවෙයි. පුලුවන් නම් පළාත් සභා 9 යේ ඡන්දෙ තියලා පෙන්නන්න.
ආණ්ඩුවට ජනවාරි මාසයේ අභියෝගයක් කරනවා පුලුවන් නම් පළාත් සභා 9 යේ ආණ්ඩුව හයිය පෙන්නන්න. ඔය කයිවාරුව නවත්තලා ගමට යන්න.
ඒ නිසා අපි කියනවා ඉන්නේ පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කරන්නත් ඉදිරියේදී පවත්වන ඕනම මැතිවරණ ජයග්‍රහණය කිරීමටත් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
අපි අපේ පක්ෂය ශක්තිමත් කරගෙන මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙලට අපි නායකත්වය ලබලා දෙනවා.
ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් පළවෙනි මොහොතේම ගෙදර යවනවා. ඒකෙ මුල් කටයුත්ත ප්‍රජාතන්ත්‍රවාදය විදියට අපිට කරන්න
පුළුවන් ඉදිරි තියෙන පළාත් සභා මැතිවරණයේදී. මොකද පළාත් සභා 9ට තමයි ලොකුම බලයක් තියෙන්නේ. පළාත් සභා මැතිවරණ තිබ්බහම ආණ්ඩුව ගෙදර යන වැඩ කටයුත්ත
අපි ඒකෙන් පටන් ගන්නවා. ඒක නිසා අපි කුමන්ත්‍රණකාරී වැඩ කරන කට්ටියක් නෙවෙයි. ඒගොල්ලො වගේ කුමන්ත්‍රණ වැඩ කරන්නේ නෑ.
අපි ප්‍රජාතන්ත්‍රවාදය විදිහට මේ රටේ බලය ලබාගන්නවා. දැන් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකහාමාරෙන් ඉල්ල අස් වුණා ඔබට මතකයි. ඒ වගේ බැරිවෙලාවත් මේ ජනාධිපතිතුමාට ඉල්ලා
අස් වෙන්න වුනොත්. ඉතින් නාමල් රාජපක්ෂ මැතිතුමා ඕන වෙලාවකින් බය නැතුව, හැංගෙන්නේ නැතුව, එඩිතරව රට භාරගන්න ඕන වෙලාවක් කැමතියි. එතුමා රට බාරගනවා,
රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් කටයුත්ත කරනවා, තමන්ගේ පියා කොයි වෙලාවකවත් බය වුණේ නැහැ රටේ ප්‍රශ්නයක් ඇති වුණ වෙලේ. යුද්දේ කරන්න අපේ ආණ්ඩු හිටපු කට්ටියත් එපා
කියපු වෙලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බය නැතුව යුද්ද කරලා මේ රටේ මිනිස්සුන්ට සාමය උදා කරලා දුන්නා. එතුමාගේ පුත්‍ර රත්නය තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ. එතුමා කුමන්ත්‍රණ කියන්නේ නෑ.
ආණ්ඩු පෙල්ලන්න කුමන්ත්‍රණ කරන්නේ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රට බාරගන්න ඕන වෙලාවක කැමතියි…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *