කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (3) ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ඒ අඹතලේ පවිත්‍රාගාරයේ ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන්.
බත්තරමුල්ල ප්‍රදේශයට අඩු ජල පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
හදිසි බිදවැටීම යථාවත්කර අද මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරනවා.


