හරිනිට එරෙහිව විශ්වාසභංගයක්

harr

හරිනිට එරෙහිව විශ්වාසභංගයක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද(07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කිරීමට නියමිත බව ඔහු කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී විශ්වාසභංගයට අත්සන් තබන බව ද ඔහු කියා සිටියා.

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවේදී පැවති අතර, එහිදී විශ්වාසභංගය සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *