ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

inn

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රාවක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායේ සිට මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසක්.

නාවික හමුදා භාරයට ගත් ධීවරයින් සහ යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා කරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *