රාජ්‍ය සේවයට අලුතින් 26,000කට වැඩි පිරිසක්: වැඩිම අවස්ථා ගුරු සේවයට !

rajj

රාජ්‍ය සේවයට අලුතින් 26,000කට වැඩි පිරිසක්: වැඩිම අවස්ථා ගුරු සේවයට !
රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම වෙනුවෙන් අලුතින් සේවකයින් 26,095 දෙනෙකු බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පසුගියදා අනාවරණය කළේය.

පුරප්පාඩු පවතින ප්‍රධාන ක්ෂේත්‍ර
මෙම බඳවා ගැනීම් යටතේ වැඩිම අවස්ථා ප්‍රමාණයක් හිමිව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි.

ගුරු සේවය: 23,344 ක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය: 705 ක්

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා: 452 ක්

අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන: 442 ක්

වරාය හා සිවිල් ගුවන් සේවා: 248 ක්

පළාත් සභා: මධ්‍යම පළාත (203) සහ උතුරු මැද (06)

මීට අමතරව ආරක්ෂක, මුදල්, ප්‍රවාහන සහ කෘෂිකර්ම ඇතුළු අමාත්‍යාංශ රැසක පවතින පුරප්පාඩු කිහිපයක් සඳහා ද මෙලෙස බඳවා ගැනීම් සිදු කෙරේ.

බඳවා ගැනීමේ ක්‍රියාවලිය සහ සුදුසුකම්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාට අනුව, මෙම බඳවා ගැනීම් සඳහා වන ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

තෝරා ගැනීම් සිදු කරනු ලබන්නේ තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගිනි.

ආයතනයේ ස්වභාවය අනුව බඳවා ගැනීමේ බලධාරියා (රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව) වෙනස් විය හැක.

නව වැටුප් තොරතුරු
2025 අයවැය යෝජනා අනුව, අලුතින් බඳවා ගන්නා පිරිසට හිමිවන වැටුප් ප්‍රතිලාභ මෙසේය:

රාජ්‍ය අංශයේ අවම මූලික වැටුප රු. 40,000 දක්වා ඉහළ දමා ඇත.

ගුරු සේවය: සුදුසුකම් මත මූලික වැටුප රු. 53,060 සිට රු. 70,870 දක්වා පරාසයක පවතී.
#Sri Lanka#Government service#New appoiment#Rapid News#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *