අනිද්දා සිට කාලගුණයේ වෙනසක්

wetherrr

අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *