පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක් කර තිබෙනවා.
ඒ, පසුගිය 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩල උපදේශක සභාව විසින්.
ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව මූලික පරීක්ෂණයකින් හෙළිවීමෙන් පසුව වැඩ තහනම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් කිරීමටද පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩල උපදේශක සභාව තීරණය කළා.
2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා මෙම ධුරයේ රාජකාරි කරනු ලැබුවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම් වූ චමින්ද කුලරත්න 2023 වසරේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත්වීම් ලැබීමට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම් වැනි තනතුරු හොබවා තිබෙනවා.


