ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමුවෙයි

WhatsApp Image 2026 01 25 at 15.31.19 1

මහඔය – බෙරගල රක්ෂිතයේ රක්ෂිතයේ දොල පාරක් අසල තිබී, ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අදාළ කාන්තාව පෙරේදා (23) දිනයේ ගවයින් බැඳීම සඳහා මෙම රක්ෂිතයට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සෝයා බැලීමක දී මෙම මළසිරුර හමුවී තිබෙනවා.

ඝාතනයට හේතුව හා ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මහඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *