අණ නොතකා ගිය ලොරියකට පොලිස් වෙඩි

අණ නොතකා ගිය ලොරියකට පොලිස් වෙඩි
නාල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අද (25) අලුයම පොලිසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

තුවාලකරු රථයේ රියැදුරු බවත් ඔහුගේ වම් අතේ උරහිසට පහළින් වන්නට වෙඩි වැදී ඇති බව වාර්තා වනවා.

නාල්ල පොලිස් නිලධාරීන් පිරිසක් ත්‍රීරෝද රථ මුර සංචාරයේ යෙදී සිටි‍යදී තලහේන වත්ත මාර්ගයේ ලොරි රථයක් නවතා තිබෙනවා දැක ඒ අසලට ගොස් තිබුණා.

එහිදී ලොරි රථයේ පිටුපස සිටි අයෙකු විසින් පොලිසියට යම් ආයුධයකින් පහර දෙනවාත් සමගම ලොරි රථය පලායාමට උත්සාහ කර තිබෙන අතර එහිදී වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වනවා.

පොලිසිය පැවසුවේ, තුවාලකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවයි.

මේ අවස්ථාවේ තවත් සැකකරුවන් හතර දෙනකු පලා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *