වාහන සොරුන් 5ක් පොලීසියට කොටු ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2026 01 29 at 19.06.15 3

වාහන සොරුන් 5ක් පොලීසියට කොටු
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සොරකම සිදුකර තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 21 වනදායි.

ඒ අනුව, ඊයේ (28) අළුයම කැස්බෑව ප්‍රදේශයේදී ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 235 ක් සහ එම කාර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 44 ක් වන යටගල, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇල්පිටිය හා බද්දේගම යන පොලිස් වසම්වලදී ත්‍රීරෝද රථ 02 ක් සොරකම් කිරීම සහ හෝමාගම පොලිස් වසමේදී යතුරු පැදි 02 ක් සොරකම් කිරීමේ අපරාධවලට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු ඊයේ ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග මත ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනු ලබනවා.

මේ අතර, ත්‍රීරෝද රථ කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ 2025.12.12 වන දින පිළියන්දල වසමේදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයට සම්බන්ධයේ මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ පෙරවරුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් අවුරුදු 23 ත් 28 ත් අතර වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *