Breaking : වෙනස් වූ ඉන්ධන මිල මෙන්න

Breaking : වෙනස් වූ ඉන්ධන මිල මෙන්න
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා,

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර තිබෙන බව නිවේදනය කළා.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද අඩු වනු ඇති.

කෙසේවෙතත් ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළා.

නව සංශෝධිත මිල ගණන් පහතින්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *