රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තවමත් තම රජයක් මඟින් අවම බලය භාවිතා කර නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසනවා.

WhatsApp Image 2026 02 02 at 13.48.59 2

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තවමත් තම රජයක් මඟින් අවම බලය භාවිතා කර නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මහ බැංකුව සතුව පවතින සියළුම මුදල් ලබාදුන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන වුවමනාවන් ඉටු නොවන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා දීපව්‍යාප්තව සිදුකළ පැය 48ක වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රජයක් ලෙස තවමත් සිය කණ්ඩායම අවම බලය භාවිතා කර නැති බව ඔහු සඳහන් කරනවා.

අවුරුදු 100ක් පමණ පැරණි වෘත්තීය සමිතියක් සහ දැනට පරිණත තත්ත්වයේ තිබිය යුතු වෘත්තීය සංගමයක් විසින් මෙතරම් අපරිමිතව ක්‍රියා කරන්නෙ කෙසේද යන්න තමාට ගැටළුවක් ඇති බවත් ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“අපි පිළිගත්තා වෛද්‍යවරුන්ට ප්‍රශ්න තියෙනවා. මුදල් ලැබෙන ආකාරයට අපි ඒ ප්‍රශ්න විසඳනවා. අවුරුදු සියයක් තරම් පැරණි වෘත්තීය සමිතියක් දැනට පරිණත තත්ත්වයේ තිබිය යුතු වෘත්තීය සංගමයක් මේ තරම් අපරිමිතව ක්‍රියා කරන්නෙ කොහොමද කියලා ගැටලුවක් තියෙනවා. රෝගීන් සමග තමයි ඔවුන් ඔවුන්ගේ වැඩේ බේරගන්න හදන්නේ. මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඇවිල්ලා වැඩ කරන්න කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. සංගමය මේ වනවිට ඔවුන්ට කළ හැකි උපරිම ක්‍රියා කර තිබෙනවා. රජය විදියට අප තවම අවම බලයවත් පාවිච්චි කරලා නෑ. යම් දේශපාලන උවමනාවක් වෙනුවෙන් තමයි ඔවුන් පෙනී සිටින්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *