ඉන්දියාවට එරෙහි තරඟය පාකිස්තානය වර්ජනය කරයි – ICCයෙන් ප්‍රතිචාර

WhatsApp Image 2026 02 02 at 13.48.59

ඉන්දියාවට එරෙහි තරඟය පාකිස්තානය වර්ජනය කරයි – ICCයෙන් ප්‍රතිචාර

එළැඹෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය අද (1) නිල වශයෙන් නිවේදනය කළා.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ එළැඹෙන 15වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා නොකර බව එහි දැක්වෙනවා.

පාකිස්තානය ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබනවා.

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායම “තෝරාගත් අයුරින්” (Selectively) සහභාගී වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සිය දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා.

ICCය අවධාරණය කරන්නේ, රජයේ මැදිහත්වීම මත ගනු ලැබූ මෙම තීරණය ගෝලීය ක්‍රිකට් තරගාවලියක අඛණ්ඩතාවයට සහ ජීවගුණයට හානිකර බවයි.

ඒ අනුව ලෝක කුසලානය වැනි ගෝලීය ක්‍රීඩා ඉසව්වකදී සුදුසුකම් ලැබූ සියලුම කණ්ඩායම් සමාන කොන්දේසි යටතේ තරග කාලසටහනට අනුකූලව ක්‍රීඩා කළ යුතු බවත්, තෝරාගත් තරග පමණක් ක්‍රීඩා කිරීම එම මූලධර්මයට පටහැනි බවත් ICCය පෙන්වා දෙනවා.

එමෙන්ම, මෙම තීරණය පාකිස්ථානයේ වෙසෙන මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් ඇතුළු ලොව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයින්ගේ යහපතට හේතු නොවන බව ICCය පවසනවා.

මෙවැනි පියවරක් ගැනීමෙන් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සමස්ත ගෝලීය ක්‍රිකට් පද්ධතියටම සිදුවිය හැකි දිගුකාලීන අහිතකර බලපෑම් පිළිබඳව සලකා බලන ලෙස ICCය, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (PCB) ඉල්ලා සිටිනවා.

2026 මාර්තු 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි ලෝක කුසලාන තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී නොවන බවට එරට රජය මීට පෙර නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව පාකිස්ථානය තරගාවලියේ අනෙකුත් තරග සඳහා සහභාගී වුවද, ඉන්දියාව සමඟ තරගය වර්ජනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා සියලුම පාර්ශවයන්ට පිළිගත හැකි අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණෙන ලෙසත්, තරගාවලිය සාර්ථකව පැවැත්වීමට සහය වන ලෙසත් ICCය වැඩිදුරටත් PCB ආයතනයෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *