ඉන්දියාවේ 2026-27 මූල්‍ය වර්ෂය සඳහා වන මධ්‍යම රජයේ අයවැය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Image 2026 02 02 at 19.17.59
ඉන්දියාවේ 2026-27 මූල්ය වර්ෂය සඳහා වන මධ්යම රජයේ අයවැය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, මුදල් අමාත්ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්.
ඉන්දියානු ඉතිහාසයේ පළමු වරට ඉරිදා දිනයක ඉදිරිපත් කළ මෙම අයවැයෙන් අසල්වැසි රටවලට ලබාදෙන මූල්ය ආධාර වැඩසටහන යටතේ ශ්රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී ප්රතිපාදන වෙන් කර තිබීම විශේෂත්වයක්.
නිල දත්ත වාර්තා අනුව 2026-27 වර්ෂය සඳහා ඉන්දියාව ශ්රී ලංකාවට ලබාදෙන ආධාර ප්රමාණය ඉන්දියානු රුපියල් බිලියන 4ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
මෙය ඉකුත් වසරේ වෙන් කරන ලද ඉන්දියානු රුපියල් බිලියන 3ක මුදලට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක්.
මෙය ඉන්දියාවේ ‘අසල්වැසියා ප්රථමයෙන්’ ප්රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමක් ලෙසයි සැලකෙන්නේ.
ශ්රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ මෑතකදී බලපෑ ස්වාභාවික විපත් හේතුවෙන් සිදු වූ හානි ප්රතිසංස්කරණය සඳහා මෙම අරමුදල් ප්රධාන වශයෙන් භාවිත කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *