ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ.

WhatsApp Image 2026 02 06 at 16.52.08 1

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ.

පහත සඳහන් මාර්ගෝපදේශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව ප්‍රේක්ෂකයින්ට විශාල සංචාරක බෑග්, වීදුරු බෝතල්, ඩ්‍රෝන යානා, තියුණු වස්තූන්, මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර පාන වර්ග ක්‍රීඩාංගණ පරිශ්‍රයට ගෙන ඒම තහනම් වේ.

තවද මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් සමඟ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පැවසීය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ 2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. තරඟ මාලිගාවත්තේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සහ කුරුඳුවත්තේ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, කොළඹ ප්‍රධාන සත්කාරක නගරය ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *