රතු වරෙන්තු නිකුත් කර සිටි දෙන්නෙක්ට දින 90ක රැඳවුම් නියෝග

මනිපායි ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධව ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යාංශය අවසර ලබාගෙන තිබෙනවා.

2016 වසරේ යාපනය, මනිපායි ප්‍රදේශයේ සිදුකළ ඝාතනයකින් පසු ඉන්දියාවට පලාගොස් සිටි මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබුණා.

වසර කිහිපයකට පසු ඔවුන් මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් කුලී වෙඩික්කරුවන් සැපයීමේ ජාවාරමක නිරත වී ඇති බවයි.

මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් මධ්‍යම අපරාධ කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *