දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක්

WhatsApp Image 2026 02 17 at 16.53.11 1

දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

කෙසේ වෙතත්, තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු කළ ඉල්ලීමට අධිකරණය මෙහිදී අවසර ලබා දී නොමැති බව සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *