රාජාංගනයේ හිමි තාමත් කුණුහරුප කියනවද කියලා බලන්න නියෝගයක්

WhatsApp Image 2026 02 19 at 18.17.06 1

රාජාංගනයේ හිමි තාමත් කුණුහරුප කියනවද කියලා බලන්න නියෝගයක්
සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වචන භාවිත කරමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සැකකාර හිමියන් තමන්ට ලබා දී තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

2023 ජූලි මස සද්ධාරතන හිමියන්ට ඇප ලබා දීමේදී නැවත අසභ්‍ය වචන භාවිත නොකරන ලෙසට අධිකරණය දැඩි ලෙස අවවාද කර තිබුණා.

එහෙත් එම නියෝගය නොතකා උන්වහන්සේ දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ප්‍රකාශ නිකුත් කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, සැකකාර හිමියන් භික්ෂූන් වහන්සේලා සහ නීතිඥවරුන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන භාවිත කර ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ සාක්ෂි සහ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස අගතියට පත් පාර්ශවයට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ඒවා විමර්ශනය කර ලබන අප්‍රේල් මස 22 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස CIDයට නියම කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *