Rebilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්ව දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරමින් පවතින අතර අර්ධහානි වන්දි ලබාදීම පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛනය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරමින් එම වන්දි මුදල් කඩිනමින් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් හා නිවාස සඳහා වන්දි මුදල් ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම විශේෂ සාකච්ඡාව අද පස්වරුවේදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන P.D.M.K.පලිහේන , තිළිණ සමරකෝන් හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි , රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම් ආරුෆ් බණ්ඩර , ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් K.D.ධර්මතිලක හා දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහතුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්වක්ව සිටියහ.
සුසිල් රණසිංහ අමාත්‍යවරයාා තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ
අර්ධ හානි වූ නිවාස සඳහා තක්සේරු නොකොට රුපියල් ලක්ෂ පහක දීමනාවක් අදියර දෙකක් යටතේ මුදල් ලබාදීමට රජය මගින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් චක්‍රලේඛනයේ අර්ථ දක්වා ගැනීම පිළිබඳව ඇතිවූ ගැටලුව හේතුවෙන් එම ගෙවීම් කටයුතු වලට බාධාවක් ඇති වූ බවත් එය ඉවත් කර ගැනීම සඳහා අද දින විශේෂ සාකච්ඡාවක් පැවැති බවය.
Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)


