වැඩි කළ ඉන්ධන මිල හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බලපෑමක් එල්ල කරන බවත් ජනාධිපතිවරයා ඇතුළු වග කිවයුතු පුද්ගලයන් ඉන්ධන මිල ඉහළ නොයන බවට ප්‍රකාශ කර තිබියදී බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
මේ වන විට ගෑස් මිලද ඉහළ දැමීමද විශාල ගැටලුවක් බවත් ඒ මහතා පවසයි.
වැඩි වශයෙන් අස්වනු නෙළීම සිදුවන මේ මොහොතේ ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් ගොවියාගේ වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය ද නිසි අයුරු සිදු නොවන බැවින් මේ හේතුවෙන්ද ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇතිි බව ඒ මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගොවින් වෙනුවෙන් සේවාව සපයන සේවාවන් සඳහා ඉහළ මිල ගණන් අය නොකරන ලෙස එම සේවාවන්ගෙන් ඉල්ලීමක් කරන බවද අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
රට හුණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා හැඳින්වුවද ආණ්ඩුවද හුණ්ඩුවක් බවට පත්ව ඇති බවත් නිෂ්පාදන ආර්ථික ක්‍රමය වෙනුවට ජනතාවට දැඩි ලෙස බදු පනවමින් පවත්වාගෙන යන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බව පවසන අනුරාධ තෙන්නකෝන් මහතා තවදුරටත් කියා සිටියේ රටේ ගෝලීය තත්ත්වයන් වෙනස් වන විට ඊට අනුකූලව කටයුතු කිරීමට කිසිදු සැලසුමක් නැති බවයි.
Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)


