පොහොර සහනාධාරය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා මෙවර යල කන්නයේ සිට QR Code එකක් ගොවි ජනතාවට හඳුන්වාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව NPP පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.

fertilizer

මේ මොහොතේ ගොවි ජනතාව අස්වැන්න නෙලීම සිදුකරනවා මෙන්ම යල කන්නය අස්වැද්දීම සඳහා සූදානම්වෙමින් සිටින බවත් මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ එම ගොවි ජනතාව මෙන්ම සියලුම ජනතාව ද මුහුණපා තිබෙන දුෂ්කරතාවයට මැදිහත්වීමෙන් සහන ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.
යුද ගැටුම් නිරාකරණය වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයකට රජයට එළැඹිය නොහැකි බව පවසන මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඉතිරි සති කිහිපය ඇතුළතදී වියළි වී කිලෝ එකක් සදහා රුපියල් එකසිය විස්සක් වැනි මිලකට ඉහල යනු ඇති බවයි.
වී අස්වනු සුරක්ෂිත කිරීම සඳහා මෙතෙක් කිසිදු රජයක් අවධානය යොමු නොකළද වත්මන් රජය විසින් ග්‍රාමීය මට්ටමින් වී වියලීමේ යන්ත්‍ර ඉදිකිරීමට කටයුතු කර ඇති බවත් ගොවිතැන සඳහා තාක්ෂණය එක් කර නොගෙන ගොවියාට ලාභය වැඩි කිරීමට නොහැකි බැවින් සැලසුම් සහගත නව්‍යකරන කෘෂිකර්මාන්තයකට එළඹීමට රජය කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.
පොහොර සහනාධාරය ලබාදීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා වෙළඳපොළින් සහන මිලට පොහොර ලබා ගැනීමට ගොවි ජනතාව වෙනුවෙන් QR Code එකක් හඳුන්වාදීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති අතර එය අත්හදා බැලීම සඳහා මෙවර යල කන්නයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා පවසයි.

 

Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *