පිරිමින්ටත් නව උපත් පාලන ක්‍රමයක් පිළිබඳ උනන්දුවක් දක්වමින් ලෝකය පුරා කතාබහක් ඇති වෙමින් පවතිනවා. “ADAM” ලෙස හඳුන්වන මෙම නව ක්‍රමය injectable hydrogel එකක් වන අතර, දිගටම බෙහෙත් ගැනීමකින් තොරව පොඩි විදීමක් මගින් ක්‍රියාත්මක කළ හැකිවීම මෙහි විශේෂත්වයක් වේ.
මෙය ක්‍රියාත්මක කිරීමට ගතවන්නේ විනාඩි 10ක් වැනි කෙටි කාලයක් පමණක් වන අතර, එකවර විදීමෙන් වසර 2ක් පමණ ශුක්‍රාණු පිටවීම වළක්වමින් ආරක්ෂාව ලබා දිය හැකි බව සඳහන් වේ. තවද, මෙය හෝර්මෝන මත පදනම් වූ ක්‍රමයක් නොවන අතර, ශුක්‍රාණු ගමන් කරන මාර්ගය ජෙල් එකක් මගින් තාවකාලිකව අවහිර කිරීම මත ක්‍රියා කරයි. එමෙන්ම, මෙය ස්ථිර විසඳුමක් නොවන නිසා අවශ්‍ය වූ විට නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බවත් විශේෂයි.
දැනට මෙම ක්‍රමය පරීක්ෂණ අදියරේ පවතින අතර, අනාගතයේදී මෙය සාර්ථකව හඳුන්වා දෙනු ලැබුවහොත් පවුල් සැලසුම් කිරීමේ වගකීම පිරිමින්ටත් සරලව සහ සමානව බෙදාගන්න හැකි නව යුගයක් ආරම්භ විය හැක


