ගංවතුරෙන් හානි වූ මුදල් නෝට්ටු පරිහරණයට මහ බැංකුවෙන් මාර්ගෝපදේශ

template 12

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දී තිබේ.

01. තෙත් වූ මුදල් නෝට්ටු වෙන් කිරීම
– තෙත් වූ මුදල් නෝට්ටු ඉතා ප්‍රවේශමෙන් මෘදු ලෙස හසුරුවන්න
– මුදල් නෝට්ටු මිටි වශයෙන් තිබේ නම්, ඒවා එක්වර ඉවතට ඇදීමෙන් වළකින්න
– මුදල් නෝට්ටු මිටි ලිහා (අවශෝෂක නැතහොත්), තෙත උරාගන්නා ද්‍රව්‍යයකින් ඔතා කාමර උෂ්ණත්වයේ දී සෙමින් වියළීමට ඉඩ හරින්න
– මුදල් නෝට්ටු එකිනෙක වෙන් නොවන්නේ නම්, මුදල් මිටිය සීතල හෝ මද රස්නය සහිත පිරිසිදු ජලයේ ගිල්වා, පසුව නෝට්ටු ලිහිල් කිරීම සඳහා වරකට කෙළවරකින් අල්ලා මුදල් මිටිය මෘදු ලෙස සොලවා, නෝට්ටු වෙන් කිරීමට උත්සාහ කරන්න

උණු වතුර, රෙදි සෝදන කුඩු (detergent) හෝ රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන්න

02. මුදල් නෝට්ටු වියළීම
– සෑම මුදල් නෝට්ටුවක්ම පිරිසිදු, වියළි මතුපිටක් මත (මෘදු රෙදි, කඩදාසි, තුවා තෙත මාත්තු කරන කඩදාසි) අතුරා තැබිය යුතු අතර එය වර්ණවත් හෝ මුද්‍රිත නොවිය යුතුය
– මුදල් නෝට්ටු වාතාශ්‍රය ඇති ස්ථානයක ස්වභාවිකව වාතයේ වියළීමට ඉඩ හරින්න
– ඉස්ත්‍රික්ක, උඳුන් හෝ කිසිදු අධික තාප ප්‍රභවයක් භාවිත නොකරන්න

03. හුවමාරුව සඳහා ඉදිරිපත් කිරීම
– සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු, ගනු දෙනු සදහා තවදුරටත් භාවිතයට ගත නොහැකි බව හැඟීයන මුදල් නෝට්ටු හුවමාරුව සඳහා ඕනෑම වාණිජ බැංකුවකට ඉදිරිපත් කළ හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *