අයහපත් කාලගුණය නිසා ගංවතුරින් යට වූ ඉන්ධන පිරවුම්හල් යළි යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.
ඒ අනුව, පිරවුම්හල් 36 ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී අක්‍රීය තත්ත්වයට පත් වූ බවත්, ඉන් පිරවුම්හල් 14 ක් හැර අනෙක් සියල්ල ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි අද (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
ජලයෙන් යට වූ ඉන්ධන පිරවුම්හල් තව දින 03 ක් ඇතුළත අලුත්වැඩියා කර සම්පූර්ණ කළ හැකි බවද, නුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල දෙල්තොට, ගලහ, පුස්සැල්ලාව, උඩපුස්සැල්ලාව, තලවකැලේ යන ප්‍රදේශවල පිරවුම්හල් 05 කට තවමත් ළඟාවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද ඔහු පවසා සිටියා.
එම පිරවුම්හල් 05 යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවත්, අදාළ ප්‍රදේශවලට ළඟාවීමට හැකි වූ වහාම එම පිරවුම්හල් පහේ අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


