මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12,000 කට මුද්‍රා තබයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වූ මස් කිලෝග්‍රෑම් 12,000 ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මුද්‍රා තබා තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1926 ට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මස් තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ සත්ත්ව ගොවිපොළ පරීක්ෂාවට ලක් කර, එම මස් තොගය මුද්‍රා තැබූ බවත්, එම මස්වල සාම්පල අද (08) රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *